ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වෙන චාමර කපුගෙදර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා. 32 හැවැරිදි චාමර ටෙස්ට් තරග 8කදී, එක්දින තරග 102කදී හා විස්සයි20 තරග 43කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර තිබෙන අතර අවුරුදු 19දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට වරම් හිමිකර ගත් චාමර කපුගෙදරට කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් දිනා ගැනීමට දැඩි තරගකාරිත්වයක් ලබාදීමට සිදුවුණා.
ඔහු 2006 වසරේදී ටෙස්ට්, එක්දින හා විස්සයි20 වරම් හිමිකර ගත් අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවසන් වරට ඔහු ටෙස්ට් තරගයට ක්‍රීඩා කර ඇත්තේ 2009 වසරේදීය.
2017 වසරේදී චාමර අවසන් අවස්ථාවට සීමිත පන්දුවාර තරගවලදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර 2009 වසරේදී අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කර තිබෙනවා.