News Line| Off Air
Generic placeholder image

Dec
24

පාඨලීගේ රියදුරු ලබන 6 දා දක්වා රිමාන්ඩ්

645 Views


පාඨලීගේ රියදුරු ලබන  6 දා දක්වා රිමාන්ඩ්

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇති වූ රිය අනතුර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුව ගැනීමට නියමිතව සිටි සැකකරුවකු වන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන දිලුම් තුසිත කුමාර සිය නීතිඥවරුන් මාර්ගයෙන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් වුණා.

ඒ අනුව අදාළ සැකකරු ලබන 6 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කලා.

මහේස්ත්‍රාත්වරිය එම සැකකරුගෙන් ලබන 26 වන දා බන්ධනාගාරය තුළදී ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට ඉඩදෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියම කලා.


News Articles
Latest Videos
Most Popular Post