News Line| Off Air
Generic placeholder image

Dec
24

නත්තල වෙනුවෙන් ලබාදිය හැකි හොදම තෑග්ග ගැන නත්තල් සීයා කියයි

1221 Views


නත්තල වෙනුවෙන් ලබාදිය හැකි හොදම තෑග්ග ගැන නත්තල් සීයා කියයි

නත්තලේදී සිය ඥාතී හිතමිතුරන්ට ලබාදිය හැකි හොඳම ත්‍යාගය ඔවුන් වෙනුවෙන් කාලය වෙන් කිරීම බව ලොව පුරා සංචාරයේ නිරත නත්තල් සීයා පවසනවා.

නත්තල වෙනුවෙන් ලෝ වැසියන්ට සුබපැතුම් එක්කරමින් ඔහු මේ බව සඳහන් කළා.

නත්තල් සීයාගේ ගම්මානය වන ෆින්ලන්තයේ ලැප්ලෑන්ඩ්හි පිහිටි රුවන්යෙමි ගම්මානය මේ දිනවලදී අතිශයින් කාර්යබහුලයි.

නත්තල ආශ්‍රිත ක්‍රියාකාරකම් රැසක් එහි දක්නට ලැබෙනවා.

ලොව වටා ජනතාවට සුබපැතුම්පත් යොමු කිරීමට ඇති නිසා මෙම ගම්මානයේ පිහිටි තැපැල් කාර්යාලයද ඉතා කාර්යබහුල ස්ථානයක් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

මේ අතර නත්තල වෙනුවෙන් ලෝ වැසි ජනතාවට සුබපැතුම් එක්කිරීමටත් නත්තල් සීයා අමතක කර නැහැ.

සිය ඥාතී හිතමිතුරන්ට ලබාදිය හැකි හොඳම ත්‍යාගය ඔවුන් වෙනුවෙන් කාලය වෙන් කිරීම බවද ඔහු පවසා තිබෙනවා.

අනතුරුව නත්තල් සීයා තම වාර්ෂික ලෝවටා සංචාරය සඳහා පිටත්ව ගියා.

ත්‍යාග ඉල්ලා තමා වෙත ලිපි යොමුකළ කුඩා දරුවන්ට මෙම ලෝක සංචාරයේදී ඔහු ත්‍යාග පිරිනමනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post