News Line| Off Air
Generic placeholder image

Dec
24

උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් රථ සේවයක්

535 Views


උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් රථ සේවයක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයද උත්සව සමයට සමගාමීව විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව එහි කාලසටහන් හා සැලසුම් කළමනාකාර රජීව දිලුක්ෂ නිමලසේන මහතා සඳහන් කළා.

ඒ අනුව දෙසැම්බර් මස 21 වන දින සිට 2020 ජනාවරි මස 1 වන දින දක්වා මෙම බස් රථ සේවය ආරම්භ කර තිබෙන අතර උත්සව සමය වෙනුවෙන් රියදුරන්ගේ හා කොන්දොස්තරවරුන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවත් ඒ මහතා පැවසුවා.

මගී අවශ්‍යතාවය අනුව මෙම බස් රථ සේවය ක්‍රියාත්මක කරන බවත් විශේෂයෙන් මහනුවර, මීගමුව, ගාල්ල ඇතුළු තදාසන්න නගර වෙනුවෙන් බස් රථ වැඩි වශයෙන් යෙදවීමට ද කටයුතු යොදා ඇතැයි ඒ මහතා කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post