විදෙස් රටවලින් පැමිණෙන මඟ හැරුණු දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් වහා දැනුවත් කරන ලෙසට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
1700 යන අංකයට කෙටි පණිවුඩයක් මගින් අදාළ දුරකථන අංකය පිළිබදව දැනුවත් කරන ලෙස එම කොමිෂන් සභාව දැනුම් දුන්නා.
පසුගිය දින කිහිපය තුළම ජංගම දුරකථනවලට විදෙස් රටවලින් පැමිණෙන මඟ හැරුණු දුරකථන අංක සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වූ අතර ඇතැම් අවස්ථාවලදී එම මඟ හැරුණු දුරකථන ඇමතුම්වලට යළි ඇමතුමක් ලබා ගත් විට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා තිබුණ ද ඒ සඳහා කිසියම් මුදලක් ද අයවී තිබුණා.