News Line| Off Air
Generic placeholder image

Dec
26

කථානායකගෙන් නිවේදනයක්

654 Views


කථානායකගෙන් නිවේදනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේදී මෙතෙක් ක්‍රියාත්මක වු සම්ප්‍රදායට පටහැනිව අත්අඩංගුවට ගැනීම පිළිබඳව කථානායකවරවා විසින් සිය මතය ප්‍රකාශ කිරිමත්, එම මන්ත්‍රීවරයාගේ සුව දුක් විමසීමට බන්ධනාගාරය වෙත යාමත්, පිළිබඳව ඇතැම් පාර්ශවයන් විසින් පළ කර ඇති අදහස් සිය අවධානයට ලක්ව ඇති බව කථානායක මාධ්‍ය අංශය පවසනවා.

මෙම සිද්ධියේදී කථානායකවරයා විසින් අවධාරණය කරන ලද්දේ නීතිය ක්‍රියාත්මක කිරිමේදී කිසියම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සාධාරණ හේතුවක් මත අත්අඩංගුවට ගැනීම පිළිබද කිසිදු විවාදයක් නොමැතිමුත් එහිදී නිසි ක්‍රිමවේදය අනුගමනය කළ යුතු බවයි.

මින් පෙර නිසියාකාරව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වුවද වරප්‍රසාද පිළිබඳව සැලකිලිමත් විමේදී කථානායකවරයා එම අයවලුන්ගේ දේශපාලන පක්ෂය පිළිබඳව සැලකිල්ලට නොගත් බව අදාළ මන්ත්‍රීවරුන්ගේ හෘදසාක්ෂියට රහසක් නොවනු ඇති බවයි.

නමුත් පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලද්දේ සහ බන්ධනාගාරය වෙත ගොස් ඔහුගේ සුවදුක් විමසීමට කටයුතු කරනු ලැබුවේ පවතින සම්ප්‍රදාය උල්ලංඝනය කරමින් අත්අඩංගුවට ගැනීමේදී මන්ත්‍රීවරයෙක් ලෙස ඔහුට බලවත් අසාධාරණයක් සිදු වු බැවිනි. (මින් පෙර අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරුන්ද උදාහරණ ලෙස දැක්විය හැකි අතර දැනටද අත්අඩංගුවේ පසුවන එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකුද මේ වනවිට දින 50කට අධික කාලයක් බන්ධනාගාරයේ පසුවන නමුත් ඔවුන්ගේ සුවදුක් විමසීමට කථානායකතුමන් කිසිවිටකත් බන්ධනාගාරය වෙත ගොස් නොමැත.)

සම්ප්‍රදායට පටහැනිව අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයෙකු පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වීමෙන් කථානායකවරයා සුරැකීමට උත්සාහ දරණුයේ එක් පක්ෂයක හෝ එක් පුද්ගලයෙකුගේ වරප්‍රසාද නොවන බව අවධාරණය කරමු.

වර්තමානයේ මෙන්ම අනාගතයේද සියලුම පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උදෙසා ප්‍රජාතාන්ත්‍රික පාර්ලිමේන්තු ක්‍රමයක වැදගත් සම්ප්‍රදායන් තුළින් හිමිවන වරප්‍රසාද සුරැකීමේ සිය වගකීම ඉටුකිරිම එමඟින් සිදුවනවා.

කවර විවේචන හෝ අභියෝග හමුවේ වුවද එම වගකීම් ඉටු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා තවදුරටත් කැපවීමට කථානායකවරයා කිසිවිටකත් පසුබට නොවනු ඇත.


News Articles
Latest Videos
Most Popular Post