අදත් දිවයින පුරා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව දිවයිනේ බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඒමේ දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.