පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරෙන්තුව යළි කැඳවන ලෙස ඉල්ලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ මෝසම යළි ඉවත් කරගෙන තිබෙනවා.
රාජිත සේනාරත්න මහතාගේ නීතිඥවරුන් විසින් අද පෙරවරුවේ අදාල මෝසම ඉදිරිපත් කර තිබූ අතර යම්කිසි හේතුවක් මත එම මෝසම යලි ඉවත් කර ගැනිමට අදාල නීතිඥවරුන් පියවර ගෙන ඇති බව සදහන්.
සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වු මාධ්‍ය හමුවට අදාලව රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා පෙරේදා පස්වරුවේ වරෙන්තු නිකුත් කළා.
එහෙත් ඔහු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ගොනුකර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත පසුගිය 19 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.
පසුව ඔහු දෙවන වරටත් ප්‍රතිශෝධිත අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කළ අතර පසුගිය 23 වන දා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ විසින් මේ මස 30 වනදා අදාල ඇප අයදුම්පත සලකා බලන බවට නියෝග කළා.
එමෙන්ම රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාට මේ වනවිට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.