නත්තල් උදාවේ පිලිපීනයට හැමූ ෆෑන්ෆෝන් සුළි සුළඟින් මිය ගිය සංඛ්‍යාව 28 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සුළි සුළඟින් විශාල ජල ගැලීම් ඇති වූ අතර, ප්‍රාන්ත රැසක නිවාස විශාල සංඛ්‍යාවක් විනාශයට පත්ව ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.
මේ හේතුවෙන් තවත් 12 දෙනෙකු අතුරුදන්ව සිටින බව පිලිපීන ආපදා කළමනාකරණ අංශ ප්‍රකාශ කළා.
සුළි සුළඟ හේතුවෙන් 58,000ක ජනයා ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ගැනුණු අතර, නත්තල් නිවාඩු සමයේ දහස් සංඛ්‍යාත පිරිසක් අතරමං වී තිබෙනවා.