News Line| Off Air
Generic placeholder image

Dec
27

කල්අඩිය ප්‍රදේශයේදී ඉන්දීය ජාතිකයෙකුට වන අලි ප්‍රහාරයක්

874 Views


කල්අඩිය ප්‍රදේශයේදී ඉන්දීය ජාතිකයෙකුට වන අලි ප්‍රහාරයක්

පුත්තලම කල්අඩිය ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකට ලක්වීමෙන් ඉන්දීය ජාතිකයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

සිය ලැගුම්හල ආසන්නයේදී ඔහු ප්‍රහාරයට ලක්ව ඇති අතර මෙලෙස තුවාල ලබා ඇත්තේ පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ පිහිටි ඉන්දියානු සමාගමකට අයත් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි පුද්ගලයෙක්.

අලුයම 4 ට පමණ සිය ලැගුම්හල ආසන්යෙට පැමිණි වන අලියෙකු විසින් ප්‍රහාරය එල්ලකර තිබෙනවා.

ඉන් බරපතල තුවාල ලැබූ ඉන්දීය ජාතිකයා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කළ බව සදහන්.

තිස් දෙහැවිරිදි වියේ පසු වන මොහු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


News Articles
Latest Videos
Most Popular Post