News Line| Off Air
Generic placeholder image

Dec
27

සුදු වෑන් මාධ්‍ය හමුවට සම්බන්ධ වී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

625 Views


සුදු වෑන් මාධ්‍ය හමුවට සම්බන්ධ වී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සංවිධාන කළ සුදු වෑන් මාධ්‍ය හමුවට සම්බන්ධ වී පසුව අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් දෙදෙනා එළඹෙන ජනවාරි මස 6 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.

අද පෙරවරු 9.50ට පමණ නඩුවට පෙනී සිටීම සඳහා සැකකරුවන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මොවුන් දෙදෙනා පසුගිය 13 වන සිකුරාදා රාත්‍රියේ අත්අඩංගුවට ගත්තේ මහර ප්‍රදේශයේදී අවන්හලකදීයි.

පසුව පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළා.


News Articles
Latest Videos
Most Popular Post