News Line| Off Air
Generic placeholder image

Dec
28

ජනපතිගේ නිරීක්ෂණයෙන් පසු මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම වෙයි

798 Views


ජනපතිගේ නිරීක්ෂණයෙන් පසු මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වේරහැර පිහිටි මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයකට එක්වීමත් සමඟ එහි කටයුතු කාර්යක්ෂම කිරීමට පියවර ගෙන තිබෙනවා.

රියදුරු බලපත්‍ර සකස් කළ පසු අදාළ පුද්ගලයාට එය දැනුම්දීම සඳහා නව තාක්ෂණය උපයෝගී කරගන්නා බව එම දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජනරාල් උපාලි ජයසේකර සඳහන් කළා.

රියදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා ඉල්ලුම්කරු විසින් අයදුම්පත්‍රය භාරදුන් පසු එය සකස් කර ඇති බවට ඔහුගේ දුරකථන අංකයට කෙටි පණිවුඩයක් මඟින් එය දැනුම්දීම සිදුකරනු ලබනවා.

එමඟින් රියදුරු බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින් අපහසුතාවයට පත් නොවන අතර, සිය දෙපාර්තමේන්තුවේ කටයුතුද කාර්යක්ෂමව සිදුකර ගැනීමට හැකිවන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post