News Line| Off Air
Generic placeholder image

Dec
28

රන්ජන් රාමනායකගේ උසස් පෙළ ප්‍රතිඵල

758 Views


රන්ජන් රාමනායකගේ උසස් පෙළ ප්‍රතිඵල

2019 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ දිනයේ නිකුත් කරනු ලැබුවා.

පසුගිය අගෝස්තු මස 08 වැනිදා ආරම්භ වූ විභාගය සඳහා අපේක්ෂකයින් තුන්ලක්ෂ 37,704ක් පෙනී සිටි අතර, පාර්ලමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාද උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටියා.

ඔහු විසින්, ඔහුගේ ප්‍රතිඵල සටහන සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇති අතර, ඒ අනුව ඔහු, දේශපාලන විද්‍යාව සඳහා S සාමාර්ථයක්ද, ජනමාධ්‍ය විෂය සඳහා S සාමාර්ථයක්ද, ක්‍රිස්තියානි ධර්මය සඳහා F සාමාර්ථයක්ද, ඉංග්‍රීසි භාෂාව සඳහා ඇ සාමාර්ථයක්ද ලබාගෙන තිබෙනවා.

එම ප්‍රතිඵල සටහන පහතින්.


News Articles
Latest Videos
Most Popular Post