රජයේ සියලුම ආයතනවල වියදම් සීමා කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
මහා භාණ්ඩාගාරය විසින් අදාළ චක්‍රලේඛය පසුගියදා සියලුම රාජ්‍ය ආයතන වෙත නිකුත් කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළා.
ඒ අනුව අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියලුම රාජ්‍ය ආයතනවලට මෙම චක්‍රලේඛය බලපානු ඇති.
රාජ්‍ය ආයතනවල ජලය, විදුලිය, දුරකථන සහ අනෙකුත් වියදම් සීමා කරන ලෙසටත් රාජ්‍ය සේවකයන්ගේ විදේශිය සංචාර සීමා කරන ලෙසටත් එම චක්‍රලේඛයෙන් දැනුම් දී තිබෙනවා.