සිමෙන්ති සදහා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. ඒ අනුව මෙරට නිෂ්පාදිත කිලෝග්‍රෑම් 50 ක සිමෙන්ති ඇසුරුමක උපරිම සිල්ලර මිල රුපියල් 1005 ක් ලෙසත් සිමෙන්ති කුඩු ලෙස ආනයනය කර මෙරටදී ඇසුරුම් කළ කිලෝග්‍රෑම් 50 සිමෙන්ති ඇසුරුමක උපරිම සිල්ලර මිල රුපියල් 950 ක් වන බවත් ඇසුරුම්ගතව ආනයනය කරන කිලෝග්‍රෑම් 50 සිමෙන්ති ඇසුරුමක උපරිම සිල්ලර මිල රුපියල් 930 ක් ලෙසයි එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබෙනවා.