News Line| Off Air
Generic placeholder image

Dec
30

දළඳා කරඩුව වැඩමවීමට වරම් ලද නැඳුන්ගමුවේ රාජාගේ රූපය සහිත මුද්දරයක්

601 Views


දළඳා කරඩුව වැඩමවීමට වරම් ලද නැඳුන්ගමුවේ රාජාගේ රූපය සහිත මුද්දරයක්

දළඳා කරඩුව වැඩමවීමට වරම් ලද ඇතුන් අතරින් ජ්‍යෙෂ්ඨතම හස්ති රාජයා වන නැඳුන්ගමුවේ රාජාගේ රූපය සහිත මුද්දරයක් අද (30) නිකුත් කරනු ලැබුවා.

නැඳුන්ගම ප්‍රදේශයේදී මෙම මුද්දරය සහ මුල්දින කවරය නිකුත් කෙරුණු අතර මෙම අවස්ථාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන, අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර, නැදුන්ගමුවේ රාජාගේ වත්මන් හිමිකාරීත්වය දරන වෛද්‍ය හර්ෂ ධර්මවිජය ඇතුළු ආරාධිතයින් රැසක් එක්ව සිටියා.

වයස අවුරුදු පහේදී පමණ මෙරටට රැගෙන ආ නැදුන්ගමුවේ රාජා, වයස අවුරුදු 25 දී පමණ වෛද්‍ය හර්ෂ ධර්මවිජයගේ පියාණන් විසින් මිලදී ගෙන තිබෙනවා.

එතැන් පටන් වසර 40 ක පමණ කාලයක් තම පවුලේ හිමිකාරිත්වය යටතේ නැදුන්ගමුවේ රාජා හැදී වැඩෙන බව වර්තමාන හිමිකරු වෛද්‍ය හර්ෂ ධර්මවිජය සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post