දැනට රුපියල් 17කට අලෙවි වන බිත්තරයක තොග මිල සඳුදා සිට රුපියල් 1.50කින් ඉහළ යන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරනවා.
ඒ අනුව බිත්තරයක තොග මිල රුපියල් 18.50ක් දක්වා ඉහළ යන බව එම සංගමය පවසනවා.
බඩ ඉරිඟු ඇට මිල රුපියල් පනස් අටේ සිට රුපියල් 85ක් දක්වා ඉහළ ගොස් තිබෙන නිසා ජනවාරි 06දා සිට බිත්තරයක තොග මිල ඉහළ දමන බවද එම සංගමය වැඩි දුරටත් සදහන් කළා.