News Line| Off Air
Generic placeholder image

Dec
30

හෝර්ටන්තැන්න වනෝද්‍යානය තුළ මැණික් ගැරු 5ක් අල්ලයි

676 Views


හෝර්ටන්තැන්න වනෝද්‍යානය තුළ මැණික් ගැරු 5ක් අල්ලයි

හෝර්ටන්තැන්න වනෝද්‍යානය තුළ ඉතාමත් හොර රහසේ මැණික් ගැරීමේ යෙදී සිටි පුද්ගලයන් පස් දෙනෙකු හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ කිරිකැටිඔය ප්‍රදේශයේදි මෙම පිරිස සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව වනෝද්‍යාන නිලධාරීන් කියයි.

මෙම පිරිස වනෝද්‍යානය තුළට රහසිගතව ඇතුළුවි එහි වාඩියක් ඉඳි කොට පතල් සකසාගෙන මැණික් ගැරිමේ යෙදි සිට ඇති බවත්, ඔවුන් විසින් වනෝද්‍යානය තුළ විශාල ප්‍රමාණයේ වලවල් සකසා පස් ඉවත් කොට වනෝද්‍යානයට දැඩි ලෙස හානි කොට ඇති බව හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න මහතා පැවසුවා.

සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් ජනවාරි මස 09 දින නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න, අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ, වනසත්ත්ව නියාමක ධාරක ලක්මාල්, කේෂ්ත්‍ර සහායකවරුන්වන සම්පත් රවීන්ද්‍ර, රවීන් ලක්මාල්, ඒ. යෝගචන්ද්‍රන් යන නිලධාරී මහතුන් හා ස්වේඡා මාර්ග උපදේශක අරුණ ශාන්ත මහතා මෙම වැටලීම සිදු කිරීමට එක්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post