News Line| Off Air
Generic placeholder image

Dec
30

හිටපු අමාත්‍ය රාජිත අද අධිකරණයට?

512 Views


හිටපු අමාත්‍ය රාජිත අද අධිකරණයට?

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ හමුවට අද(30) දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් බන්ධානාගාර වෛද්‍යවරියක් පසුගියදා ලබා දුන් නිර්දේශය අනුව හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර රෝහල වෙත රැගෙන යාමට නියමිතව තිබුණත් ඊයේ(29) පස්වරුවේ ඔහු යළිත් ලංකා පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා.

සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළව රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස නීතිපතිවරයාගේ ඉල්ලීම පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තාම්න්තුව පසුගිය 24 වනදා අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එම ඉල්ලීම සළකා බැලූ කොළඹ මහේස්ත්‍රෙත් අධිකරණය හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කල අතර ඒ අනුව දින දෙකකට පසු ඉකුත් 26 වනදා රාත්‍රියේ රාජිත සේනාරත්න මහතා නාරාහේන්පිට ලංකා පුද්ගලික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත්ව තිබුණා.

අදාළ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් රෝහල් පරිශ්‍රියට ගියද හිටපු අමාත්‍යවරයා ඒ වන විටත් ප්‍රතිකාර ලබමින් පසු වූ බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ නැහැ.

කෙසේ වෙතතත් පසුගිය 27 වනදා පස්වරු 2.10 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණ හමුවේ කියා සිටියේ හිටපු අමාත්‍යවරයාට ඇප ලබා දුන හොත් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එය බාධාවක් වන බැවින් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි.

ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හිටපු අමාත්‍යවරයා නිරීක්ෂණය කිරීමට ලංකා පෞද්ගලික රෝහලට පැමිණි අතර එහිදී තීරණය කෙරුණේ හිටපු අමාත්‍යවරයාව අද දක්වා රක්ෂිත බන්ධානාගාර ගතකරන ලෙසයි. කෙසේ වෙතත් ඊයේ පස්වරුව වන විට රාජිත සේනාරත්න මහතාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරී ඇති බවයි වාර්තා වූ අතර ඒ අනුව ඔහුව ලංකා පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

එබැවින් රාජිත සේනාරත්න මහතා ගෙනයාමට රෝහලට පැමිණ තිබූ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් ගිලන් රථයක් ද ආපසු පිටව ගිය අතර මේ හේතුවෙන් ඔහුව යළිත් ලංකා පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා.

මේ අතර රාජිත සේනාරත්න මහතා සිය නීතිඥයන් මාර්ගයෙන් අධිකරණය හමුවේ පසුගිය 23 වනදා ගොනු කළ අපේක්ෂිත ඇප අයැදුම්පත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ අද යළි විමසා බැලීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post