News Line| Off Air
Generic placeholder image

Dec
30

සියලු පුද්ගල තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතට ගැනීමට ජනපතිගේ අවධානය

593 Views


සියලු පුද්ගල තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතට ගැනීමට ජනපතිගේ අවධානය

ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍ර, ආගමන විගමන ලේඛණ, උප්පැන්න සහ මරණ ලියාපදිංචිය ඇතුළු සියලු පුද්ගල තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා.

එමගින් කාලය, ශ්‍රමය සහ අති විශාල මුදල් නාස්තිය අවම කර ගැනීමට හැකි වනු ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේ නිලධාරීන් සමග අද (30)පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ජාවේදී ප්‍රකාශ කළා.

එකම තොරතුරු ආයතන කිහිපයක එක් රැස් කිරීම දැනට භාවිතා කරන ක්‍රමය වනවා.

එය එකම පද්ධතියක් යටතට ගැනීමෙන් ප්‍රමාදය වලක්වා කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබාදීමට හැකිවන බව ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබුවා.

එමගින් සාවද්‍ය සහ චංචනික තොරතුරු සංසරණය වීම වලක්වා ගැනීමට හැකිවන බව පැවසූ ජනාධිපතිවරයා අමාත්‍යාංශය, දෙපාර්තමේන්තු සහ අර්ධ රාජ්‍ය ආයතනවල අන්තර් සම්බන්ධතාවය රටේ සංවර්ධනයට ඉතා වැදගත් බව සදහන් කළා.

මේ හේතුවෙන් අදාළ ආයතන ජාලගත කරමින් සම්බන්ධ කිරීමෙන් ඉහළ ඵලදායිතාවක් ළගාකර ගත හැකි බවත් වර්තමානයේ තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ යටතේ ඇති ඇතැම් ව්‍යාපෘති ඒවායේ ඵලදායීතාව සඳහා සෘජුව වගකියන අමාත්‍යාංශ හෝ ආයතන හෝ වෙත පැවරීම කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමුව තිබෙනවා.

පාසල් පරිගණක විද්‍යාගාර ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පැවරීමේ වැදගත්කම මෙහිදී ජනාධිපතිවරයා නිදසුනක් ලෙස පෙන්වා දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post