News Line| Off Air
Generic placeholder image

Dec
31

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ නිල කාලය අදින් අවසන්

579 Views


ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ නිල කාලය අදින් අවසන්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ නිල කාලය අදින් අවසන් වෙනවා. ඒ අනුව හෙට (01) දිනය වන විට අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සේවා කාලය දීර්ඝ කිරීමක් සිදු කළ යුතු අතර එසේත් නොමැති නම් වෙනත් පුද්ගලයෙකු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් කළ යුතු වන බව වාර්තා වෙනවා.

ත්‍රිවිධ හමුදාවේ දීර්ඝතම සේවා කාලයක් හිමි සහ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වශයෙන් සැලකෙන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සේවා කාලය වසර 39 කි.

2015 වසරේ ජුලි මස 11 වනදා මෙරට නාවික හමුදාපති ධුරයට පත්වන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා 2017 වසරේ අගෝස්තු මස 22 වන දින දක්වා නාවික හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළා.


News Articles
Latest Videos
Most Popular Post