News Line| Off Air
Generic placeholder image

Dec
31

අනවසර සංක්‍රමණිකයින් පිරිසක් නාවික හමුදා බාරයට ගනී

703 Views


අනවසර සංක්‍රමණිකයින් පිරිසක් නාවික හමුදා බාරයට ගනී

නාවික හමුදාව විසින් ඊයේ (30) දින ත්‍රීකුණාමළය පඩිකේයි ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පුද්ගලයින් හතර දෙනෙකු නාවික හමුදා භාරයට ගන්නා ලද අතර තවද, මෙහිදී එම පුද්ගලයින් විසින් ඒ සඳහා භාවිතා කරන ලද ට්‍රෝලර් යාත්‍රාව ඔකඳ කුණුකල, පානම වෙර‍ළ තීරයේදී නාවික හමුදාව විසින් සොයාගැනීමට සමත් වුණ අතර වැඩිදුර විමර්ශනයේදී ඔවුන් සමඟ පුද්ගලයින් 50කට ආසන්න පිරිසක් මෙලෙස නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට සූදානම්ව සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, අනෙකුත් සැකකරුවන් සොයා නාවික හමුදාව විසින් විමර්ෂණ දියත් කර තිබෙනවා.

එමෙන්ම අනවසරයෙන් සංක්‍රමණය වීමට කරන ලද උත්සාහය නාවික හමුදා ආවේක්ෂණ මෙහෙයුම් හමුවේ අසාර්ථකවීම හේතුවෙන් සැකකරුවන් මෙලෙස නැවත ගොඩබිමට පැමිණ ඇති බවට අණාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව සිදු කරනු ලබනවා.

මෙලෙස නාවික හමුදාව විසින් සිදු කරන සෝදිසි කිරීම් හේතුවෙන් මෙරටින් නීති විරෝධී ලෙස විදේශ ගතවීමට උත්සාහ දරන අනවසර සංක්‍රමණික සහ මිනිස් ජාවාරම් කටයුතු අවම කිරීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post