වසර 119 පසු ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට දැඩි ශිත කාලගුණයක් ඊයේ දිනයේ වාර්තා වී තිබෙනවා. ඒ අනුව නවදිල්ලි අගනුවරෙන් වාර්තා වූ උපරිම උෂ්ණත්වය සෙලිසියස් අංශක 9.4 ක් සටහන් වී තිබෙනවා. මෙවැනි අධික ශීත කාලගුණයක් ඇති වී තිබෙන්නේ 1901 වසරේ වන අතර ඒ වසර 119 කට පසු වීම විශේෂත්වයක්.



මේ හේතුවෙන් අගනුවර දෛනික කටයුතු අඩාල වී තිබුණු අතර ගුවන් ගමන් කිහිපයක්ම අවලංගු කර තිබුන බවද වාර්තා වෙනවා.