ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ බයිබලය ලෙස සැලකෙන විස්ඩන් සඟරාව මෙම දශකයේ පන්දුවාර 20යි 20 ක‍්‍රිකට් කණ්ඩායම ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.
ශී‍්‍ර ලංකා කි‍්‍රඩක ලසිත් මාලිංග ඊට ඇතුළත් වන අතර විස්ඩන් සඟරාව ඔහුව හදුන්වා ඇත්තේ 20යි 20 තරඟ රටාවේ වේග පන්දුවේ රජු ලෙසයි.
ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩක ආරෝන් ෆින්ච්, විස්ඩන් සඟරාව විසින් නම් කෙරුණු දශකයේ පන්දුවාර 20යි 20 ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයා වනවා.
ග්ලෙන් මැක්ස්වෙල් සහ ශේන් වොට්සන් යන ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයන්ද මෙම කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා. ඉන්දීය කී‍්‍රඩකයින් වන විරාට් කෝලි සහ ජස්පි‍්‍රත් බුම්රාද එහි සමාජිකයන් වනවා.
එංගලනත්යේ ජොස් බට්ලර් සහ ඩේවිඩ් විලි ද නවසීලන්තයේ කොලින් මුන්රෝ ඊට ඇතුළත් බව සදහන්.
ඇෆ්ගනිස්ථාන කී‍්‍රඩකයින් දෙදෙනෙකුද විස්ඩන් සඟරාව විසින් නම් කෙරුණු දශකයේ පන්දුවාර 20යි 20 ක‍්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වී සිටීම විශේෂත්වයක්. ඒ මොහොමඩ් නබී සහ රශීඩ් කාන් යන කී‍්‍රඩකයින් දෙදෙනායි.