නව වසරට ආශිර්වාද ලබාගැනිම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ කතරගම පුදබිමට පැමිණි අතර මහින්ද රාජපක්ෂ මහතා කිරිවේහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක දම්මින්ද හිමියන් බැහැදැක අශිර්වාද ලබා ගත් අතර ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කතරගම අෂ්ටපල බෝධිය වෙත ගොස් විශේෂ බෝධිපුජාවක් ද සිදු කළා.
ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා කතරගම මහා දේවාලය වෙත ගොස් දේව ආශිර්වාදය ලබාගත්තා.