නව වසරට සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරන්නේ මේ අදින් ආරම්භ වුන විසිඑක්වන සියවසේ තුන්වැනි දශකය ශී‍්‍ර ලංකාවේ දශකය බවට අප පත් කර ගතයුතු බවයි.
විශේෂයෙන්ම 21 වන ශතවර්ෂයේ 03වන දශකයට අප පා තබන්නේ නව ජනාධිපතිවරයෙක් පත්ව ඇති පසුබිමක් තුළ බවත් මෙම බල පෙරළියත් සමග අලුත් ලංකාවක් ගැන බලාපොරොත්තුවක් අපේ තරුණ පරපුර අතර පැතිර ගොස් තිබෙන බවත් එම වෙනස තමන් අගය කරන බවත් නිවේදනයෙන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.