උපයන විට ගෙවීමේ බද්ද සහ පොලී ආදායම් මත රඳවා ගැනීමේ බද්ද අද සිට අහෝසි කර තිබෙනවා.
මසකට රුපියල් ලක්ෂයකට වඩා වැඩි ආදායමක් ලැබූවන් මෙතෙක් උපයන විට බදු ගෙවූ අතර මින් ඉදිරියට එම බදු අය නොකිරීමට රජය මීට පෙර තීන්දු කර තිබුණ අතර එහෙත් මසකට රුපියල් 250,000 කට වඩා වැඩියෙන් ආදායම් උපයන්නන් ආදායම් බදු ගෙවීමට යටත් වන බව රජය පවසනවා.
ඉතුරුම් ගිණුම්වල පොලිය මත මෙතෙක් 5% ක රඳවාගැනීමේ බද්දක් අය කළ අතර එම බදු අයකිරීම ද අද සිට අහෝසි කර තිබෙන අතර මීට අමතරව එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු ව්‍යාපාරවලින් අය කිරීම් සීමාව අද සිට කාර්තුවක් සඳහා රුපියල් මිලියන 75 දක්වා ඉහළ දමා ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කලා.
ඒ අනුව කාර්තුවකට රුපියල් මිලියන 75 කට වඩා අඩුවෙන් මුදල් සැපයුමක් තිබෙන ව්‍යාපාරිකයින්ගෙන් වැට් බදු අයකිරීම නතර කෙරෙනු ඇති අතර මීට අමතරව ආර්ථික සේවා ගාස්තු, බැංකු හා මූල්‍ය ආයතවල හර බද්ද, කොටස් වෙළෙඳපොළේ ලාභ මත අය කරන ප්‍රාග්ධන බදු, උපයන විට ගෙවන බදු, ණය සේවා බදු, ආගමික ස්ථාන මත අයකරන සියලු බදු, හා විදේශීය ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා අයකළ බදුවලට අදාළ සහන ද අද සිට ක්‍රියාත්මකයි.
වැවිලි කර්මාන්තවලින් උපයන සියලු ආදායම් බද්දෙන් නිදහස් කිරීමද අද සිට ක්‍රියාත්මක බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කලා.