2020 වර්ෂයේ පළමු පාසල්වාරය හෙට(02) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියර පිළිතුරු පත්‍ර ඇගයීම් ආරම්භ කිරීමට නියමිතව අතර ඒ අනුව පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගයිමෟ කටයුතු නගර 56 ක පිහිටි පාසල් 84ක ස්ථාපිත කරනු ලබන ඇඟයීම් මධ්‍යස්ථාන 110 ක් යොදා ගනිමින් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
පාසල් 47 ක් එළඹෙන ජනවාරි මස 6 වන දින ආරම්භ කිරීමට නියමිත අතර එම පාසල් දින දෙකක් වසා තැබීමට සිදුවන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
අනෙක් පාසල් 37 හෙට දිනයේ නියමිත පරිදි ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරනවා.