මත්පැන් නිෂ්පාදනය සඳහා එතනෝල් ආනයනය අද සිට වහාම අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ විෂයභාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නියෝගයකට අනුව මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි.
දේශීය වශයෙන් එතනෝල් බහුලව නිෂ්පාදනය කිරීම ඊට හේතුවී ඇති බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළා.