අද සිට බත් පැකට්ටුවක මිල රුපියල් 10.00 කින් ඉහළ දමන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ, වෙළෙඳපොළේ සහල් මිල සැලකිල්ලට ගෙන මේ තීරණයට එළඹි බවයි.