News Line| Off Air
Generic placeholder image

Jan
1

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ලොව ආදර්ශමත් පාර්ලිමේන්තුවක් බව කථානායක කියයි

768 Views


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ලොව ආදර්ශමත් පාර්ලිමේන්තුවක් බව කථානායක කියයි

ලොව පුරා පිහිටි පාර්ලිමේන්තු 170 ක් අතරින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඉතා උසස් තත්ත්වයට පත්ව ඇති බවත්, එය මේ වන විට ලොව ආදර්ශමත් පාර්ලිමේන්තුවක් බවට පත්ව ඇති බවත් කථානායක කරූ ජයසූරිය මහතා සදහන් කළා.

ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩලය නව වසරේ රාජකාරි ආරම්භ කිරීමේ උත්සවයට අද එක් වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

2015 සැප්තැම්බර් මාසයේ තමා කථානායක ධූරයට පත්වන විට සිදු කළ ප්‍රාර්ථනාවක් වූයේ පාර්ලිමේන්තුව තුළ සහෝදරත්වය ඇතිකිරීම සහ එකම පවුලක් ලෙස කටයුතු කිරීම බවත් ආපසූ හැරී බැලීමේදී ඒ පිළිබදව සතුටු විය හැකි බවත් ඔහු ප්‍රකාශ කළා.

“මේ වන විට අලුත් ජනාධිපතිවරයෙක් පත්ව සිටිනවා. අලුත් ආණ්ඩුවක් ක්‍රියාත්මයි. ඉදිරියේ දී මහ මැතිවරණයක් පැවැත්වෙනවා.එහිදී නව කථානායකවරයෙක් පත්වෙන්න පුළුවන්. එතුමා මෙම තත්ත්වය තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇතැයි මා විශ්වාස කරනවා”.යැයි ද කථානායකවරයා එහිදී ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post