News Line| Off Air
Generic placeholder image

Jan
2

යුද හමුදාපති වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ වැඩ භාර ගනී

600 Views


යුද හමුදාපති වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ වැඩ භාර ගනී

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වැඩ භාර ගෙන තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාල පත් කිරීම සිදු කළා.

කෙසේ වෙතත් ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තවදුරටත් යුද හමුදාපති ධුරයේ කටයුතු කරනු ලබන බව ද යුද හමුදාව පැවසුවා.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කර අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද එම ධුරයෙන් විශ්‍රාම ගනු ලැබු අතර අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ දීර්ඝතම සේවා කාලයක් සපුරන ලද නිලධාරියා ලෙස සැලකෙයි.


News Articles
Latest Videos
Most Popular Post