News Line| Off Air
Generic placeholder image

Jan
2

තායිවානයේ ගුවන් අනතුරකින් හමුදා ප්‍රධානීවරයා ඇතුළු සාමාජිකයින් 08 දෙනෙකු මියයයි

1005 Views


තායිවානයේ ගුවන් අනතුරකින් හමුදා ප්‍රධානීවරයා ඇතුළු සාමාජිකයින් 08 දෙනෙකු මියයයි

තායිවානයේ හමුදා ප්‍රධානීවරයා ඇතුළු හමුදා සාමාජිකයින් 08 දෙනෙකු ගුවන් අනතුරකින් මියගොස් තිබෙනවා.

ඔවුන් ගමන් ගත් හෙලිකොප්ටර් යානය එරට තායිපේ නුවරට ආසන්න කඳුකර ප්‍රදේශයකට කඩා වැටීමෙන් අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

යානයේ ගමන් කළ තවත් හමුදා සාමාජිකයින් 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

62 හැවිරිදි තායිවාන් හමුදා ප්‍රධානී ෂෙන්යි මින් එරට ඊශාන දිග ප්‍රදේශයේ මෙහෙයුම්වල නිරත හමුදා සාමාජිකයින් සම්බන්ධයෙන් සෙයා බැලීමට ගොස් එමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post