News Line| Off Air
Generic placeholder image

Jan
2

පසුගිය වසරේ හොඳම අභ්‍යවකාශ ඡායාරූප මෙන්න

798 Views


පසුගිය වසරේ හොඳම අභ්‍යවකාශ ඡායාරූප මෙන්න

අභ්‍යවකාශ මෙහෙයුම් ගණනාවක් ක්‍රියාවට නැගෙමින් තිබියදී, 2019 වසර තුළ සෞර ග්‍රහ මණ්ඩලයේ විවිධ ඉසව්වල සිට පෘථිවිය වෙත සන්නිවේදනය කෙරුණු ආකර්ෂණීය ඡායාරූප රැසකි. විශ්වයේ වඩාත් ආකර්ෂණීය ඉලක්ක වෙත යොමු කෙරුණු බලසම්පන්න දුරදක්නවලින් ලද සේයා රූ ද ඒ අතර . ඉහත දැක්වෙන්නේ ඉන් සමහරකි.


නාසා ආයතනය විසින් යවන ලද ජූනෝ අභ්‍යවකාශ යානය 2016 වසරේදී යෝධ බ්‍රහස්පති ග්‍රහයාගේ කක්ෂයට පැමිණි තැන සිට දර්ශනීය සේයා රූ රැසක් එවනු ලැබීය. අලංකාර රටාවක් පෙන්වන මේ සේයා රුව, මැයි 29 වෙනිදා අභ්‍යවකාශ යානාව විසින් වෙන වෙනම ගන්නා ලද ඡායාරූප හතරකින් සකස් කරන ලද්දකි.

මේ ඡායාරූප ගන්නා අවස්ථාව වන විට බ්‍රහස්පති ග්‍රහයාට වඩා ආසන්නයෙන් ඇදී ගිය අභ්‍යවකාශ යානය ග්‍රහයාගේ වළා සුළි මතට කිලෝමීටර 18,600 (සැතපුම් 11,600) සිට 8,600 (සැතපුම් 5,400) තරම් සමීප වී තිබිණ.

බ්‍රහස්පති ග්‍රහයාගේ ඉහළ ක්ෂේප ධාරා කලාපයක් තුළ ඇති වෘත්තාකාර හැඩය වටා ඇති වළා සුළි ය.



2015 දී ප්ලූටෝ හි කළ ගවේෂණයෙන් අනතුරුව, නාසා ආයතනයේ ‘නිව් හොරයිසන්ස්’ යානය යැවුණේ නේප්චූන් ග්‍රහයාගේ කක්ෂයෙන් ඔබ්බෙහි පිහිටි ‘කුයිපර් තීරය’ (Kuiper Belt) වෙතය. අපගේ සෞර ග්‍රහ පද්ධතියේ මුල්ම ආරම්භය පිළිබඳ මූලික තොරතුරු සැපයීමට සමත් ප්‍රාථමික අවධියේ ඇති අයිස්මය වස්තූන් දහස් ගණනින් තීරය පිරී පවතී.

මෙතුළ විද්‍යාඥයින්ගේ ඇස ගැටුණු MU 69 යනුවෙන් නම් කරන ලද වස්තුවක් වේ. එය අනාවරණය කරගනු ලැබුවේ 2014 වසරේදීය. MU 69 ලෙස හැඳින්වෙන්නේ (පසුව අල්ටිමා තූලේ – Ultima Thule හැඳින්වූ එය දැන් හැඳින්වෙන්නේ අරොකොත් – Arrokoth ලෙසිනි) අඩු වේගයකින් පැමිණ ගැටුණු අයිස් බෝල දෙකක එකතුවකින් සෑදුනු කිලෝමීටර 39ක් දිග වස්තුවකි. එහි පෘෂ්ඨයේ ඇති රත් පැහැ ස්වභාවය තෝලින්ස් නමින් හැඳින්වෙන කාබනික මිශ්‍රණයෙන් ඇති වූවක් ලෙස සැළකේ.



ඉටා කරිනේ යනු ආලෝක වර්ෂ 7,500ක් ඈතින් පිහිටි තාරකා පද්ධතියකි. අවම වශයෙන් තරු දෙකක එකතුවකින් සමන්විත වූ එයින් පිටවන ශක්තිය, අපගේ සූර්යයාගෙන් නිකුත්වන ශක්තියට වඩා මිලියන පහකට වැඩි ගුණයකි. ඉන් එක් තාරකාවක් විසින් පිට කරනු ලබන උණුසුම් වායුව විහිදී යන්නේ බැලූන ආකාරයේ පෙති දෙකක් ලෙසිනි. මෙය සිය විනාශය ආසන්නයට පැමිණ තිබේදැයි යන්න සම්බන්ධයෙන් දශක ගණනක සිටම තාරකා විද්‍යාඥයෝ කල්පනා කරමින් සිටිති. මෙම තාරකා ගිනිකෙළියේ නවතම සේයා රුව හබල් දුරදක්නයෙන් ගන්නා ලද්දකි.


සෙනසුරු නාසා ආයතනය විසින් අඟහරු ග්‍රහයා වෙත යවන ලද කියුරියෝසිටි රෝවරය 2012 වසරේ සිට අඟහරු ග්‍රහයාගේ ඇති ගේල් ආවාටය ගවේෂණය කරමින් සිටී. මේ රොබෝ යානය තමන් ‘සෙල්ෆී’ ඡායාරූපයකට නැගුවේ එහි ඇති මවුන්ට් ශාර්ප් නම් වූ කන්දේ බෑවුම ගවේෂණය කරමින් සිටියදීය.


මේ වසරේ ජනවාරි 3 වෙනිදා සඳේ, පෘථිවියට පිටුපා ඇති කොටස වෙත සුමට ගොඩ බෑමක් කරමින් එවැන්නක් යෙදුනු පළමු අභ්‍යවකාශ යානාව බවට පත්වූයේ චීනය විසින් ඒ වෙත යවන ලද චැන්ග්’ ඊ-4 නම් වූ යානය ය. ගොඩබෑමෙන් දින කිහිපයක් ඉකුත්වෙද්දී මේ රෝබෝ රෝවරයේ සවි කර ඇති කැමරා ක්‍රියාත්මක වෙමින් ඡායාරූප ගැනීම ඇරඹීය.


කැමරා මෙන්ම චන්ද්‍ර පෘෂ්ඨ අභ්‍යන්තරය නිරීක්ෂණයට අවශ්‍ය රේඩාර් උපකරණ, ඛනිජ හඳුනාගැනීමේ උපකරණ මෙන්ම පැලැටි රෝපණය පිළිබඳ සජීව පරීක්ෂා කළ හැකි කුඩා ජෛවගෝලයක්ද ඊට ඇතුළත් වේ. මැයි මාසය වනවිට, පෘථිවියට පිටුපා ඇති චන්ද්‍රයාගේ ප්‍රදේශයේ ඇති විශාල ආවාටයේ බිහිවීම සම්බන්ධයෙන් දිගු කලක සිට පැවති අදහස සනාථ කරන්නට චැන්ග්’ ඊ-4 යානයට හැකි වූ බව චීන විද්‍යාඥයෝ පැවසූහ.


හබල් දුරේක්ෂය විසින් හසුකරගෙන ඇති මෙය, ආලෝක වර්ෂ මිලියන 130ක් දුරින් පිහිටි NGC 772 නමින් හඳුන්වා ඇති සර්පිලාකාර මන්දාකිණියකි (චක්‍රවාටය). NGC 772 හා අපගේ මන්දාකිණිය වන ක්‍ෂීරපථය අතර බොහෝ සමානතා තිබේ. උදාහරණයක් ලෙස සිය ප්‍රධාන චක්‍රවාට සමීපයේ කක්ෂගතව ඇති කුඩා උප චක්‍රාවාටවලින් (මන්දාකිණි) ක්‍ෂීරපථය හා NGC 772 සමන්විත වේ.

කෙසේවෙතත්, මූලික කරුණු කිහිපයක් ඇසුරින් මේ දෙකෙහි වෙනස්කම් ද හඳුනාගත හැකිය. උදාහරණයක් ලෙස ගතහොත්, ඇතැම්විට තරු නිර්මාණය සඳහා අනුබලය සැපයිය හැකි ද්‍රව්‍ය මන්දාකිණියේ මධ්‍යය හරහා යොමු කරවීමට උපකාරී වන වායු හා තරුවලින් ගොඩ නැගුණු දණ්ඩ නමින් හැඳින්වෙන මධ්‍යගත අංගය NGC 772 මන්දාකිණියෙහි දක්නට නොවේ.



ලයිට්සේල් (LightSail) නමින් හැඳින්වෙන්නේ ලාභ නොලබන සංවිධානයක් වන ‘ද ප්ලැනටරි සොසයිටි’ විසින් නිර්මාණය කරන ලද ව්‍යාපෘතියකි. එහි අරමුණ වන්නේ පහළ පෘථිවි කක්ෂයේ සූර්ය බල යාත්‍රා කිරීම ප්‍රදර්ශනය කිරීමය. සූර්ය යාත්‍රාව යනු අභ්‍යවකාශ යානා ප්‍රචාලනය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට සාකච්ඡාවට ලක්ව තිබූ එක් ක්‍රම වේදයකි. දර්පන පෘෂ්ඨයක් මත සූර්ය එළියෙන් යොදන පීඩනය පිළිබඳ සෙවීම මෙම ව්‍යාපෘතියෙන් ඉටුවේ. න්‍යායාත්මකව ගත්විට, සුළං ප්‍රවාහයෙන් යාත්‍රා කිරීමකට හා සමාන ප්‍රචාලනයකට මෙය භාවිත කළ හැකිය.

2019 ජුනි 25 වෙනිදා ලයිට්සේල් 2 දියත් කෙරිණි. සේයාරුව ඉන් පසුව ගන්නා ලද්දකි.


News Articles
Latest Videos
Most Popular Post