පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නම් කර තිබෙනවා.
මේ අතර, හෙට ඇරඹෙන 8 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය සඳහා 600 කට අධික ආරාධිතයන් පිරිසක් එක්වන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්, හිටපු ජනාධිපතිවරුන්, අග්‍රාමාත්‍යවරුන්, අගවිනිසුරුවරයා, උපරිමාධිකරණ විනිසුරුවරුන් සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් ඊට අයත් වනවා.