News Line| Off Air
Generic placeholder image

Jan
2

අන්‍යෝන්‍ය සහයෝගය තිබූ පමණින් තරඟයක් ජය ගත නොහැකි බව මාලිංග කියයි

753 Views


අන්‍යෝන්‍ය සහයෝගය තිබූ පමණින් තරඟයක් ජය ගත නොහැකි බව මාලිංග කියයි

ඉන්දියාව සමඟ පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය සඳහා ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය අද (02) ඉන්දියාව බලා පිටත්වුණා.

මෙම තරඟය ක්‍රීඩකයන් අතර අන්‍යෝන්‍ය සහයෝග තිබූ පමණින් ජයගත නොහැකි බව සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග දිවයිනෙන් පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.

එමෙන්ම ඉන්දියාව යනු පරාජ කිරීමට අසීරු කණ්ඩායමක් බවත් පන්දු යවන්නන් විදිහට විශාල කාර්ය භාරයක් ඔවුන්ට ඉටු කිරීමට ඇති බවත් මෙම තරඟාවලිය කෙසේ හෝ ජය ගැනීමට තමා ඇතුළු කණ්ඩායම උත්සහ කරන බවත් මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post