News Line| Off Air
Generic placeholder image

Jan
2

මීගමුවේ ප්‍රදේශ කිහිපයකට ලබන සදුදා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි

558 Views


මීගමුවේ ප්‍රදේශ කිහිපයකට ලබන සදුදා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි

මීගමුව, මහනගර සභා බලප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන සදුදා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළා.

බම්බුකුලිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ විදුලි උත්පාදකයක් සවි කිරීම හේතුවෙන් ජල සැපයුම මෙලෙස අත්හිටුවන බව නිවේදනයක් නිකුත් කරමින් ජල සම්පාදන මණ්ඩලය පැවසුවා.

ඒ අනුව සදුදා පෙරවරු 9 සිට අගහරුවාදා පෙරවරු 9 දක්වා පැය 24 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ මීගමුව මහනගර සභා බල ප්‍රදේශය, කොච්චිකඩේ, දූව, පිටිපන, දුන්ගල්පිටිය, බාසීයාවත්ත, පමුණුගම, කටුනායක අයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක ගුවන් හමුදා කඳවුර හා කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රය ඇතුළු කටාන යන ප්‍රදේශවලටයි.


News Articles
Latest Videos
Most Popular Post