News Line| Off Air
Generic placeholder image

Jan
2

නිදහස් වීසා කාලය තව දුරටත් දීර්ඝ කෙරේ

700 Views


නිදහස් වීසා කාලය තව දුරටත් දීර්ඝ කෙරේ

සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි රටවල් 48 කට දුන් සංචාරක වීසා කාලය තවදුරටත් අප්‍රේල් මස 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඊට අදාල කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවයි පැවසෙන්නේ.

ගිය වසරේ අගෝස්තු මස සිට රටවල් 48කට නිදහස් වීසා කාලයක් ලබා දුන් අතර එය ජනවාරි මස 31 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුණු අතර එම නිදහස් වීසා කාලය තවදුරටත් දීර්ඝ කිරීමටයි මෙලෙස තිරණය කර ඇත්තේ. නිදහස් වීසා ලබාදීමට පියවර ගත්තේ පාස්කු ප්‍රහාරයෙන් පසු මෙරටට සංචාරකයන්ගේ පැමිණීම ඉතා අඩු මට්ටමක පැවතීමයි.


News Articles
Latest Videos
Most Popular Post