News Line| Off Air
Generic placeholder image

Jan
3

ඇසෑම් ප්‍රාන්තයේ ජනතාවගේ අතමිට සරුකරන සැණකෙළිය

618 Views


ඇසෑම් ප්‍රාන්තයේ ජනතාවගේ අතමිට සරුකරන සැණකෙළිය

ඉන්දියාවේ උතුරුදිග ඇසෑම් ප්‍රාන්තයේ පැවැති සැණකෙලියක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

දින 12ක් පුරාවට පැවැත්වෙන ද්විජින් සැණකෙලිය පසුගියදා ආරම්භ වූයේ ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේදීයි.

ආයි නදී ඉවුරේ පැවැත්වෙන මෙම සැණකෙලියට එක්වීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් ඇසෑම් ප්‍රාන්තය වෙත ඇදී එන බව විදෙස් වාර්තා පවසනවා.

මෙම සැණකෙලිය සැලකෙන්නේ, ඇසෑම් ප්‍රාන්තයටම ආවේණික ආහාර වර්ග හා එහි සංස්කෘතිය අත්දැකීමටත් හැකියාව හිමිවන අවස්ථාවක් ලෙසයි.

ඊට එක්වන පිරිස්වලට ත්‍රාසජනක ක්‍රීඩා සදහා එක්වීමටත්, හෙලිකොප්ටර් යානාවක නැගී සංචාරය කිරීමටත් අවස්ථාව හිමිවනවා.

එමෙන්ම ඇතුන් පිට නැගී සංචාරය කිරීම සඳහාත් බොහෝ දෙනා කැමැත්තක් දක්වන බව විදෙස් වාර්තා පවසනවා.

2016 වසරේදී ආරම්භ කෙරුණු මෙම සංස්කෘතික සැණකෙළිය ඉන් අනතුරුව වසරක් පාසාම ක්‍රියාත්මක කිරීමට ඇසෑම් සංස්කෘතික අංශ කටයුතු කළා.

ඉන් පළාතේ ජනතාවට රැකියා අවස්ථා මෙන්ම යහපත් ආදායම් මාර්ග උදාවන බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post