ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද 08 වන පාර්ලිමේන්තුවේ සිව් වන සභාවාරය උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. එම කටයුතු අද උදැසන 10 ට ආරම්භ කෙරෙන බවයි වාර්තා වන්නේ.
මෙම අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින්,හිටපු ජනාධිපතිවරුන්,අග්‍රාමාත්‍යවරුන්,අගවිනිසුරුවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් බොහෝ ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ.
මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරුවලට අදාළ පත්කිරීම් අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි .