ගාල්ල – ලබුදූව වී පර්යේෂණ ආයතනය, එල් – ඩී 253 නමින් නව වී ප්‍රභේදයක් ගොවීන්ට හඳුන්වා දී තිබෙනවා.
මෙම ප්‍රභේදය මගින් හෙක්ටයාරයකට වී බුසල් 100 කට වැඩි අස්වැන්නක් ලබා ගත හැකි අතර, ඒවා වියළි සහ තෙල් කලාප වල වගා කළ හැකි වීම ද විශේෂත්වයක් වනවා.
එසේම දින 75 කින් එහි අස්වැන්න ලබා ගත හැකියි.
මෙය පලිබෝධ හානිවලට මෙන්ම රෝග කාරකයන්ට ඔරොත්තු දිය හැකි වී ප්‍රභේදයක් බව වී පර්යේෂණ ආයතනය සඳහන් කළා.