News Line| Off Air
Generic placeholder image

Jan
3

බැග්ඩෑඩ් ගුවන් තොටුපොළට රොකට් ප්‍රහාර

999 Views


බැග්ඩෑඩ් ගුවන් තොටුපොළට රොකට් ප්‍රහාර



ඉරාකයේ බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට රොකට් ප්‍රහාර ත්‍රිත්වයක් එල්ල වී ඇති බව වාර්තා වෙනවා. මෙම ප්‍රහාර වලින් ඉරාන විප්ලවවාදී හමුදාවේ
ප්‍රධානි ජෙනරල් කසේම් සුලයිමානි ඇතුළු 8 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.

අද අලුයම ඉරාන විප්ලවවාදී හමුදාවේ විශේෂ කුඩ්ස් බලකායේ ප්‍රධානී ජෙනරල් කසේම් සුලයිමානි බැග්ඩෑඩ් ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ ඔහු පිළිගැනීමට ඉරාන සහාය ලබන ඉරාක හමුදා කණ්ඩායමක් ගුවන් තොටුපළට පැමිණ සිටි අතර ඔවුන් ඉලක්ක කර මෙම ප්‍රහාර මාලාව එල්ල කර තිබෙනවා.

සිද්ධිය පිලිබදව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව එරට ආරක්ෂක අංශ සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post