News Line| Off Air
Generic placeholder image

Jan
3

සුඩාන හමුදාවට අයත් ගුවන්යානා අනතුරකින් 18 දෙනෙකු ජීවිතක්ෂයට

744 Views


සුඩාන හමුදාවට අයත් ගුවන්යානා අනතුරකින් 18 දෙනෙකු ජීවිතක්ෂයට

සුඩාන හමුදාවට අයත් ගුවන්යානාවක් ඩාෆූර් නගර සමීයේදී අනතුරට පත්ව පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සුඩාන හමුදාවට අයත් ඇන්ටනොව් 12 වර්ගයේ යානාවක් ඩාෆූර් නුවරට බටහිරින් පිහිටි ප්‍රදේශයක් වෙත කඩාවැටී මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරින් මියගිය පිරිසෙන් හත්දෙනෙක් කාර්ය මණ්ඩල සාමාජිකයන් බවත් ඉතිරි පිරිස සිවිල් වැසියන් වන අතර ඔවුන්ගෙන් තිදෙනෙක් නඩුකාරවරුන් බවත් සඳහන්.

එමෙන්ම මියගිය ඉතිරි පිරිසෙන් සිවුදෙනෙක් කුඩා දරුවන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post