News Line| Off Air
Generic placeholder image

Jan
4

ලැව් ගිනි හේතුවෙන් සිර වී සිටින පිරිස් මුදා ගැනීමට ඕස්ට්‍රේලියාවේ විශේෂ මෙහෙයුමක්

888 Views


ලැව් ගිනි හේතුවෙන් සිර වී සිටින පිරිස් මුදා ගැනීමට ඕස්ට්‍රේලියාවේ විශේෂ මෙහෙයුමක්

ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි හේතුවෙන් සිර වී සිටින පිරිස් මුදා ගැනීම සඳහා එරට නාවික හමුදාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

වික්ටෝරි ප්‍රාන්තයේ මල්ලකූටා නගරයේ පමණක් දහසකට ආසන්න පිරිසක් සිර වී සිටින අතර ප්‍රාන්තය පුරා 4000කට ආසන්න පිරිසක් අවතැන්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේද මේ වන විට හදිසි තත්ත්වයක් ක්‍රියාත්මකයි.

මේ හේතුවෙන් පුද්ගල මරණ 19ක් වාර්තා වී ඇති අතර තවත් 28 දෙනෙකු පමණ අතුරුදන්ව සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post