දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වට්ටක්කා ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් අද දින අලුයම දඹුල්ල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මිරිස් ගෝනියාව ප්‍රදේශයේදී මාර්ගය හරහා පෙරලී ගොස් ඇති බව දඹුල්ල පොලීසිය පැවසුවා.
වට්ටක්කා පටවාගත් ලොරි රථය අධික වේගයෙන් ගමන් කරනවාත් සමඟ පිටුපස ටයර් දෙකක් පුපුරායාම හේතුවෙන් රථය පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රධාන මාර්ගය හරහා මෙසේ පෙරළී ගොස් තිබෙනවා.
මෙම අනතුර සිදු වෙන ආකාරය අසල පිහිටි ඉන්ධන පිරවුම්හලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා.
කෙසේවෙතත් අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු පමණක් රථයේ සිට ඇති අතර ඔහු අනතුර සිදුවීමෙන් පසු ලොරි රථයේ විදුලි පහන් නිවා දමා එලියට පැමිණෙන ආකාරය ආරක්‍ෂිත කැමරාවේ සටහන්ව ඇති බව සදහන්.