News Line| Off Air
Generic placeholder image

Jan
5

පන්දහසක් වූ මහා සංඝරත්නයේ වැඩම වීමෙන් පැවැත්වූ විභජ්ජවාදය මහා ධර්ම සම්භාෂණය

1189 Views


පන්දහසක් වූ මහා සංඝරත්නයේ වැඩම වීමෙන් පැවැත්වූ  විභජ්ජවාදය මහා ධර්ම සම්භාෂණය

සම්බුදු සසුන චිර පැවැත්ම උදෙසා විභජ්ජවාදය මහා ධර්ම සම්භාෂණය හා යුගයේ මහා ත්‍රිපිටක පූජාව ඊයේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේ දී පැවැත්වුණා.

මේ උතුම් අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගී වුණා.

අනුරාධපුර ලබුනෝරුකන්ද ආරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය පූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේගේ සහ සේනාසනාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය කොත්මලේ කුමාර කස්සප යන ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් විභජ්ජවාදය මහා ධර්ම සම්භාෂණය සංවිධානය කර තිබුණු අතර
පිරිසිදු ථෙරවාද ධර්ම ඥානයෙන් හෙබි මහා සඟ පරපුරක් බිහි කොට සම්බුදු සසුන අරක්ෂා කිරිම මෙම ධර්ම සම්භාෂණයේ අරමුණයි.

මිට සමගාමිව ත්‍රිපිටකය සහ අට්ඨ කතා ඩිජිටල් මාධ්‍යයෙන් පන්දහසකට අධික වූ මහා සංඝරත්නය උදෙසා පූජා කිරීමේ මහා පුණ්‍යකර්මයක්ද සිදුවුණා.


News Articles
Latest Videos
Most Popular Post