News Line| Off Air
Generic placeholder image

Jan
6

වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිය ජාතිකයින් 136 ක් අත්අඩංගුවට

1195 Views


වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිය ජාතිකයින් 136 ක් අත්අඩංගුවට

වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිය ජතිකයින් 136 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩ බලන පොලිස්පිතිවරයාගේ නියෝග පරිදි වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටින විදේශිය ජාතිකයින් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ඊයේ (05) රාත්‍රී 10 සිට අද (06) උදෑසන දක්වා දිවයින පුරා ආවරණය වන පරිදි සිදු කෙරුණා.

ඒ අනුව අත්අඩංගුවට ගන්නා ලද විදේශිය ජාතිකයින් අතර ඉන්දියාව 82ක්, පකිස්ථානය 12ක්, මාලදිවයින 10ක්, නයිජිරියා 08ක්, බංගලාදේශය 06ක්, චීනය 04ක්, කැනඩාව 04ක්, තායිලන්තය 02ක්, ස්විස්ටර්ලන්තය 02ක්, ඇමරිකාව 01ක්, කටාර් 01ක්, ස්වීඩනය 01ක්, ඇෆ්ගනිස්තානය 01ක්, ඊශ්‍රායලය 01ක්, කොරියාව 01ක් වන බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post