News Line| Off Air
Generic placeholder image

Jan
6

උඩවලව ජාතික වනෝද්‍යානයේ අමානුෂික දිවි ඝාතනයට සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

683 Views


උඩවලව ජාතික වනෝද්‍යානයේ අමානුෂික දිවි ඝාතනයට සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

උඩවලව ජාතික වනෝද්‍යානයේ සිටි දිවියෙක් අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් මොණරාගල හා ඇඹිලිපිටිය කොට්ඨාසවල නිලධාරින් කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මෙම අපරාධය සිදුකළ සැකකරුවන් තිදෙනෙකු ඊයේ (05) කුමාරපුර, සෙවනගල ප්‍රදේශයේදී ඇඹිලිපිටිය කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන සේවනගල පොලීසයට ඉදිරිපත් කර ඇති බව සදහන්.

සැකකරුවන් අද (06) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් සේවනගල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.


News Articles
Latest Videos
Most Popular Post