News Line| Off Air
Generic placeholder image

Jan
7

වැල්ලවායේ විහාරස්ථානයකට වන අලි ප්‍රහාරයක්

655 Views


වැල්ලවායේ විහාරස්ථානයකට වන අලි ප්‍රහාරයක්

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආනපල්ලම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයට අද (07) උදෑසන 5.00ට පමණ සිදුවූ වන අලි පහර දීමකින් විහාරස්ථානයට දැඩි ලෙස හානි සිදු වී තිබෙනවා.

ඊයේ රාත්‍රි කාලයේ ගම්වැදුනු වන අලි අද උදෑසන මෙම පහර දී සිදුකර ඇති අතර ප්‍රහාරයෙන් විහාරස්ථානයේ ආවසගෙට සහ ඉදිරිපස මඩුවකට දැඩි ආලාභහානි සිදුවී ඇති අතර අලි විසින් පහරදීම සිදුකරන අවස්ථාවේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා කිහිප නමක් වැඩ වාසය කර සිට ඇති අතර ඔවුන්ගේ ජීවිත බේරී ඇත්තේ අනූනවයෙන් බව සිද්ධිය දුටුවන් පවසති.

මෙම ප්‍රදේශයට දීර්ඝ කාලයක සිට වන අලි තර්ජනය උග්‍ර ලෙස එල්ල වී පවතින අතර පසුගිය දින කිහිපය තුළ පුද්ගලයන් දෙදෙනකුට වන අලි පහර දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post