අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ වැඩ තහනම් කර තිබෙනවා.
ඒ ජාතික පොලිස් කොමිසම විසින් ලබා දුන් නියෝගයකට අනුවයි.
පසුගිය රජය සමයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශන වලදී ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පක්ෂග්‍රහිව කටයුතු සිදුකළ බවට චෝදනා එල්ලවුවා.